gossiplanka alexa තව්හිද් ජමාත් නියම නායකයා සහරාන් නොවෙයි?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තව්හිද් ජමාත් නියම නායකයා සහරාන් නොවෙයි?

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය පිටුපස ජාතික තව්හිද් ජමාත් සංවිධානය මෙහෙයවනු ලබන මෙරට සැඟවුණු නායකයකු සොයා ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක ලෙස මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් හැඳින්වුවද ඔහුද ෂැංග්‍රිලා ප්‍රහාරය සිදු කරමින් මරාගෙන මැරිණි. මෙවැනි සංවිධානාත්මක ත්‍රස්ත කල්ලියක නායකයකු මෙලෙස ප්‍රථම ප්‍රහාරයකින් මරාගෙන නොමැරෙන බවද ආරක්ෂක අංශ විශ්වාස කරයි. එසේ නම් මෙම අන්තවාදී ත්‍රස්ත කල්ලිය මෙහෙයවනු ලබන ජාත්‍යන්තර ත්‍රස්තයන් හරහා  සංවිධාන වන මෙරට නායකයකු සැඟවී සිටින බවද ආරක්ෂක අංශ සැක පළ කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව හෙළිව ඇත්තේ සහාරාන්ගෙන් පසු දෙවැනි පෙළ නායකයකු ලෙස ඉදිරි ප්‍රහාර සඳහා ඔහුගේ සහෝදරයකු වන මොහොමඩ් රිල්වාන් පත් කර තිබු බවය. නමුත් රිල්වාන්ද කල්මුණේ සයින්දමරුදු ප්‍රහාරයෙන් ඝාතනයට ලක්විය. තවද මෙම ත්‍රස්ත සංවිධානයේ කොළඹ කටයුතු භාරව සිටි නායකයාද මේ වන විට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේය.

ISIS නායක අබූ බකර් අල් බග්දාදී නැමැත්තාද සැඟවුණු නායකයකු ලෙස කටයුතු කරමින් මෙරටට එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසු වීඩියෝවක් හර්හා එළිබැස්සේ වසර 5ට පසුවය. ආරක්ෂක අංශ විශ්වාස පළ කරන්නේ මෙරටද මෙම ප්‍රහාර මාලාවේ සැඟවුණු නායකයකු සිටින බවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu