gossiplanka alexa පාස්කු ඉරිදා මරාගෙන මැරුණු ත්‍රස්තයන් මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාස්කු ඉරිදා මරාගෙන මැරුණු ත්‍රස්තයන් මෙන්න

පාස්කු ඉරිදා සිදුවූ පිපිරීම් අටට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් නව දෙනෙකුගේ අනන්‍යතාව පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා විසින් ප්‍රථම වරට ඊයේ (01) මාධ්‍යට කරුණු අනාවරණය කරනු ලැබීය.
දේවස්ථාන තුනක්, කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් ඇතළු ස්ථානවලින් මෙම පිපිරීම් වාර්තා විය.

ජාතික තව්හිද් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහාරන්ගේ නායකත්වයෙන් මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ල වූ අතර ඉන් පුද්ගලයන් 359 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත් වුහ.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන පිපිරීම සිදුකර ඇත්තේ මට්ටක්කුලිය සෙන්ට්‍රල් පාර ප්‍රදේශයේ පදිංචි අලව්ඩීන් අහමඩ් මුවාත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මීගමුව කටුවපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ මරාගෙන මැරෙන පිපිරීම සිදු කර ඇත්තේ ඒ.එෆ්.සී. පාර ප්‍රදේශයේ පදිංචි අච්චිමොහොම්මදු මොහොම්මදු හස්තුන් විසින් බවද හෙතෙම සඳහන් කරයි. ඔහුගේ බිරිය වන පුලස්තිනී රාජේන්ද්‍රන් තවත් සාරා නමැත්තිය කල්මුණේ, සයින්දමරුදු මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත.

මඩකළපුව සියොන් දේවස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරය සඳහා පැමිණ ඇත්තේ නව කාත්තන්කුඩිය, කනත්ත පාර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් බවද හෙළිකරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටී.

කොළඹ කිංස්බරි හෝටලයේ ප්‍රහාර සඳහා පැමිණ ඇත්තේ අලුත් යොන්වීදිය කොළඹ 12 සහ බණ්ඩාරනායක මාවත, කොළඹ 12 යන ලිපිනයන්හි පදිංචිව සිටි මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් බව හෙළිව ඇත.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු පැමිණ ඇති අතර ඉන් එක් ත්‍රස්තවාදියෙකු වන්නේ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන්ය.
එම ත්‍රස්තයා කාත්තන්කුඩි iii මොහිදින් පල්ලිය පාර, කුඩයිකරන් පටුමඟ ප්‍රදේශයේ පදිංචි බවද මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි. ඔහුගේ බිරිය සහ දියණිය සයින්දමරුදු පිපිරීමෙන් තුවාල ලැබූ අතර එම මරාගෙන මැරෙන පිපිරීමෙන් ඔහුගේ සහෝදරයන් දෙදෙනෙකු වු රිල්වාන් සහ ශේයිති යන දෙදෙනා සහ පියා ජීවිතක්‍ෂයට පත්වුහ.

ෂැංග්‍රිලා ප්‍රහාරයට පැමිණි අනෙක් ත්‍රස්තයා වන්නේ දෙමටගොඩ බේස්ලයින් පාර, මහවිල උද්‍යානයේ පදිංචිව සිටි මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් නැමැත්තාය.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රහාරය සඳහා පැමිණ ඇත්තේ මොහුගේ වැඩිමහල් සහෝදරයා වූ දෙමටගොඩ පදිංචි මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාඩ් අහමඩ්ය. වැල්ලම්පිටිය ප්‍රදේශයේ තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු වුයේ මොහු බවද හෙතෙම පවසයි.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ප්‍රහාරයට පැමිණ එය වැරදුණු තැන දෙහිවල ටෝෆිල්කල්ඉන්හී මරාගෙන මැරුණු ත්‍රස්තයා අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් බාස් ඔහුට ගම්පොළ, වෙලම්බඩ සහ වැල්ලම්පිටිය ලන්සියාවත්ත ප්‍රදේශයේ නිවෙස් හිමි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පාස්කු ඉරුදින වාර්තා වූ අවසන් මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුවූ දෙමටගොඩ මහවිල උද්‍යානයේ මෙම ප්‍රහාර මාලාවේ අයියා මලෝ පදිංචිව සිටි නිවෙස් පිපිරීම සිදුකර ඇත්තේ ෆාතිමා ඉල්හාම් බවද හෙළිවූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ෆාතිමා ඉල්හාම් යනු කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළ ඉල්හාම් අහමඩ්ගේ බිරිය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu