මෙ අතර අමාත්‍ය මංගල සමරවීර කැබිනට් මණ්ඩලයේදී අදහස් පළ කරමින් පවසා ඇත්තේ මාර්ග වසා දමා මැති ඇමතිවරුන් ගමන් කරන බවට විපක්ෂය විවේචන සිදු කළද විපක්ෂ නායකවරයාගේ නිල නිවස පිහිටා ඇති කොළඹ 07 විජේරාම මාවත ද වසා දමා ඇති බවයි.
විජේරාම මාවතේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ද පිහිටා ඇති බැවින් එහි පැමිණෙන පිරිස් ද අසීරුතාවන්ට ලක්වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ. එවැනි පසුබිමක් හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට විදෙස් රටවල් පනවා ඇති සීමා ලිහිල් කරන ලෙස ඉල්ලා සිටින්නේ කෙසේදැයි අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රශ්න කර ඇතැයි ද වාර්තා වනවා.