gossiplanka alexa මාකඳුරේ මධුෂ්ව ලංකාවට රැගෙන එයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාකඳුරේ මධුෂ්ව ලංකාවට රැගෙන එයි


දින 90ක කාලයක් ඩුබායි අත්අඩංගුවේ සිටි කුප්‍රකට පාතාල නායක සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්‍ෂිත නොහොත් මාකඳුරේ  මධුෂ් නැමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මඟින් ඊයේ (05) අලුයම මෙරටට රැගෙන එන ලදී.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ප්‍රමුඛ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මීට දින 5ට පෙර ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගිය අබව එම දෙපාර්තුමේන්තු අරචි මාර්ග සඳහන් කරයි.

එරට අත්අඩංගුවේ සිටි මාකඳුරේ මධුශ්ව සිය භාරයට ගත මෙම විශේෂ කණ්ඩායම ඊයේ අලුයම 12.30ට එරටින් කටුනායක ගුවන් තොටුපළ බලා පිටත් වී ඇත.

ඊයේ අලුයම 5.00ට කටුනායක ගුවන් තොටුපළට ගොඩ බෑ එම යානයේ සිටි මාකඳුරේ මධුශ්ව විශේෂ ආරක්‍ෂාවක් යටතේ ගුවන් යානයෙන් පිටතට ගෙන ගුවන් තොටුපළේ පිහිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තු කාර්යාලය වෙත රැගෙන ගිය බවද ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

තමා ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසට පෙත්සමක්ද මධුෂ් විසින් සිය නීතීඥවරුන් මාර්ගයෙන් එරට අධිකරණයක් වෙත ඉදිරිපත් කර තිබිණි.

කෙසේ වෙතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ එහි අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි ශානි අබේසේකර යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කල විමර්ශනයට අදාළ එරට බලධාරීන් දැනුවත් කොට මධුෂ්ව මෙලෙස නිරුපද්‍රිතව මෙරටට රැගෙන ඒමට හැකිවී ඇත. ඉදිරි විමර්ශන සඳහා මධුෂ්ව ඊයේ පෙරවරුවේ විශේෂ ආරක්‍ෂාවක් යටතේ කොළඹ පොලිස් මූලස්ථානයේ පිහිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව වෙත රැගෙන යන ලදී.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu