gossiplanka alexa පන්සල් 50කට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳව වාර්තා වෙනවා - ගලගොඩඅත්තේ ඥානසාර හිමි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පන්සල් 50කට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳව වාර්තා වෙනවා - ගලගොඩඅත්තේ ඥානසාර හිමි


"මේ ප්‍රශ්නය ඉවර වෙනකම් රටේ වෙසක් පොසොන් කිසිම උත්සවයක් පවත්වන්න ඉඩ තියන්න එපා. පන්සල් 50කට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳව වාර්තා වෙලා තියෙනවා.
වැඩිදුරටත් තොරතුරු අවශ්‍ය නම් බන්ධනාගාරයට ඇවිත් මාව හමුවන්න" යැයි බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පසුගිය 29දා හෝමාගම අධිකරණය ඉදිරිපිටදී පැවසූහ.

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය තුළදී සාපරාධි බිය ගැන්වීම් සහ බැන තර්ජනය කිරීම චෝදනාවන් යටතේ විභාග වූ නඩුවකදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් පනස් දහසක වන්දි මුදලක් ගෙවන ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මඟින් කර තිබූ නියෝගයකට අනුව එම වන්දි මුදල ලබාදීම සඳහා පසුගිය 29 දා නඩුව කැඳවා තිබිණි.

අදාළ වන්දි මුදල ගෙවීමෙන් පසු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අතරතුරදී මෙලෙස උන්වහස්න්සේ මාධ්‍යට ඉහත ප්‍රකාශය කළහ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu