gossiplanka alexa මීගමුවේ නොසන්සුන් තත්වයක් හේතුවෙන් හෙට උදේ වනතුරු ඇඳිරි නීතිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මීගමුවේ නොසන්සුන් තත්වයක් හේතුවෙන් හෙට උදේ වනතුරු ඇඳිරි නීතිය


10.50pm
ෆේස් බුක් - යූටියුබ් - වට්ස්ඇප් - වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය නැවත මෙම සිද්ධිය හේතුවෙන් අවහිරතාවයට ලක්කර ඇති බව වාර්තාවේ.

10.35pm
තරුණයින් දෙපාර්ශවයක් අතර සිදු වූ ගැටුම දුර දිග ගොස්  පහර දී කැපුම් තුවාල දක්වා වර්ධනය වී තිබෙන බව වාර්තා වේ. පහර කෑමට ලක් වූ පිරිස් පොරුතොට ප්‍රදේශයට කඩා වැදී ප්‍රකෝපකාරි අයුරින් හැසිරී ඇති බවත් එහිදි වාහන කීපයකට, වෙළඳසැල් ගණනාවක හා ආගමික ස්ථානයකටත් හානි සිදුව ඇති බවත් වාර්තා වේ.


9.35pm
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දී තිබෙන්නේ මීගමුව පොලිස් කොට්ඨාසයේ ඇඳිරි නීතිය මීගමුව
යටතේ පවතින කොච්චිකඩේ,කටුනායක,දිවුලපිටිය,කොටදෙණියාව,පමුනුගම,රද්දොලුව,සීදුව,දුංගල්පිටිය හා කටාන යන සියලු පොලිස් බල ප්‍රදේශවලට බලපැවැත්වෙන බවයි. කටුනායක ගුවන්තොටට යාමට ඇඳිරි නීතිය බාධාවක් නැති බවත් එලෙස ගමන් කරන මගීන් ගුවන් ටිකට්පත අවසර පත්‍රය ලෙස භාවිත කරන ලෙසත් දන්වා ඇති බව වාර්තා වේ..

8.54pm
මීගමුවේ ඇති වූ කලබලකාරී ස්වභාවය පුද්ගලයින් දෙදෙනෙකු මුලින් ඇති කරගත් බහින්බස්විමේ සුළු සිද්ධියක් දුරදිග ගොස් ඇතිවූ ගැටුමක් බවත් මෙය සංවිධානාත්මක ගැටුමක් නොවන බවත් වාර්තා විය. තත්වය ඉක්මණින් පාලනය කර ඇතැයිද වාර්තා වන අතර සිද්ධිය සමථයකට පත් කිරීමට කතෝලික පූජකතුමන් ඇතුළු ආගමික නායකයින්ද මැදහත්වී  තිබේ.

8.40pm
මීගමුවේ මුස්ලිම් ජනයා බහුතරයක් වාසය කරන පෝරුතොට ප්‍රදේශයට මුස්ලිම් විරෝධී පිරිස් පැමිණ කලබලකාරී තත්වය ඇති කර තිබෙන බව වාර්තා වෙනවා. මේ තත්වය පාලනය කිරීම සඳහා මීගමුවට ඇඳිරි නීතිය
පනවා ඇති බව වාර්තා වෙයි. ඇති වී තිබෙන තත්වය හේතුවෙන් මෙය පාලනය කිරිම සදහා මේ වන විට විශේෂ සේවා කාර්ය බලකාය සහ පොලිසිය එක්ව මෙහෙයුම් සිදු කරන බවත් ප්‍රදේශයට කිසිවෙකුටත් ඇතුළු විම පොලිසිය විසින් තහනම් කොට ඇති බවත් වාර්තා වෙයි.

8:30 PM
වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් කොට්ඨාසයට ඇඳිරි නීතිය පනවා තිබේ. මෙලෙස ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඇති වූ නොසන්සුන් තත්ත්වයක් පාලනය කර ගැනීම සදහා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මේ බව දන්වා සිටියේ හෙට (06) උදෑසන 7 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බවයි 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu