පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශ ඇතුළත් ලිපිය තමා වෙත ලැබුණු බව
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ජනාධිපති අත්සනින් යුතුවූ ඒ ලිපිය මීට ටික වේලාවකට පෙර තමා වෙත ලැබුණු බවයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පූර්ණ නිදහස ලබා දෙන ලෙස අදාළ ලිපියේ සඳහන් වන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කලා.