gossiplanka alexa සහරාන් අවසන් වරට පුහුණු වෙච්ච කඳවුර හමුදාවෙන් වටලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සහරාන් අවසන් වරට පුහුණු වෙච්ච කඳවුර හමුදාවෙන් වටලයි

ව්හිද් ජමාත් සංවිධානය විසින් නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණුවීම් කඳවුරක් යුද හමුදා නිලධාරීන් සහ නුවරඑළිය පොලීසිය විසින් ඊයේ දින (06) වටලා ඇත.

අම්පාර කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදියකුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගෙන් ලද තොරතුරක් මත මෙම පුහුණු   කඳවුර සොයාගැනීමට ආරක්‍ෂක අංශ වලට හැකි විය.

38 දෙනකු මෙම පුහුණු කඳවුර තුළින් පුහුණුව ලැබූ බවත් මෙම පුහුණු කඳවුරට සහරාන්ද සහභාගී වී ඇති බවත් දිවයිනේ ස්ථාන කිහිපයකම සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ අවසන් පුරුදු පුහුණුවීම් අප්‍රේල් 17 වැනි දින සහරාන්ගේද සහභාගීත්වයෙන් සිදු කර ඇති බවත් සිදු කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

කෙටිකාලීන කුලී පදනම මත නුවරඑළිය - බ්ලැක්පූල් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් ඉදිරිපිට ලබාගත් දෙමහල් නිවෙසක මෙම කඳවුර පවත්වාගෙන ගොස් තිබෙනවා. එම නිවෙස් අයිතිකරු සහ එම නිවෙසට පහසුකම් සැපයු ගම්වාසීන් දෙදෙනෙක් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය කොට්ඨාස පොලිස් අධිකාරි ආර්.සුගතපාල මහතාගේ සහ නුවරඑළිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී මේජර් අසිත රණතිලක, නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්දන බස්නායක යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.












ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu