බෝම්බ, වෙඩි බෙහෙත්, මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා බහුලව පාවිච්චි වෙන්නේ බල්ලා. ඒ ඔවුන්ට හොඳ ඉවක් තියෙන නිසා. බල්ලාගේ එම කාර්යයම මුගටියාටත් කරන්න පුළුවන් කියලා කවුරුත් දන්නේ නැතුව ඇති. වෙඩි බෙහෙත් හොයන්න පුහුණු කරපු ලෝකයේ ප්‍රථම මුගටි බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාව සතුයි.
යුධ හමුදාවේ නියමු ව්‍යාපෘතියක් විදිහට මුගටියන් යොදාගෙන වෙඩිබෙහෙත් සෙවීමෙ ව්‍යාපෘතියේ පළමු අදියර මේ වෙනකොට අවසන් වී තිබෙන්නේ. ලෝකයේ සුනඛයින් යොදාගෙන පුපුරණ ද්‍රව්‍ය සෙවීම සාමාන්‍ය කරුණක් වන නමුත් මීයන් මීමැස්සන් වැනි සතුන් යොදාගනිමින්ද පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා. නමුත් මෙම පරීක්ෂණයේදී හෙලි වී තිබෙන්නෙ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම සඳහා මුගටියන්ද භාවිතයට ගත හැකි බවයි.
ගඳ සුවද ඉතාමත් නිවැරදිව වෙන් කර හදුනාගැනීමේ හැකියාව හොඳින් වර්ධනය වූ මුගටියෙකුට ඉතාමත් හොඳින් පවතිනවා සේම, මොවුන් ප්‍රවාහන්‍යේදී සහ නඩත්තු කිරීමේදීද විශාල පහසුවක් තිබෙනවා. එය මුගටියන් පුහුණු කිරීමේ වාසියක්. යම් ක්‍රියාකාරකමක් කිරීම සඳහා ඔවුන්ව හුරු කල විට එය නැවත නැවත සිදු කිරීමට ඔවුන් කැමැත්තක් දක්වන බවට මෙම පරීක්ෂණ මගින් හෙලි වී තිබෙනවා.
තවද, ශ්‍රී ලංකාවේ ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ මොවුන්ව භාවිතා කල හැකි බවද පෙනී ගොස් තිබේ. අළු මුගටින්, රතු මුගටින්, දුඹුරු මුගටින්, ඉරි සහිත ගෙලක් ඇති මුගටින් යන වර්ග හතරෙන් අළු මුගටියා සතුව විශේෂ හැකියාවක් පවතින බවට පරීක්ෂන මගින් තහවුරු වී තිබෙනවා. ඒ වගේම හීලෑ වීමෙන් පසුව මිනිසාට ඉතාමත් ලැදියාවක් දක්වන බවත් ඔවුන්ගේ හැසිරීම් රටා අධ්‍යනය තුලින් පෙනීගොස් තිබෙනවා. එලෙසම මුගටියන් හසුරවන්නන් පුහුණු කිරීමද සිදු කර ඇති අතර අවසානයේදී වෙඩි බෙහෙත් ද්‍රව්‍ය හදුනා ගැනීමෙ ක්‍රියාවලියට ඔවුන්ව යොමු කර තිබෙනවා.
මෙය නවතම පරීක්ෂණයක් නිසා මුල් කාලයේදී විෂය දැනුම පිළිබඳ යම් යම් ගැටළු තිබී ඇති අතර, දිගින් දිගටම පර්යේෂණ කිරීම තුලින් එම තත්වයන් මග හරවා ගැනීමට හැකි වී තිබෙනවා. මුල් අවධියේදී වෙඩි බෙහෙත් සොයා ගැනීම සහ ඒවා ඉවතට ගැනීමට මුගටියා හුරුවී තිබී ඇති අතර එය ඇතැම්විට අනතුරුදායක ක්‍රියාවක් හේතුවෙන් පසුව මුගටියාට වෙඩි බෙහෙත් සොයා ගැනීමට පමණක් සහ මුගටියා හසුරවන්නාට එම වෙඩි බෙහෙත් ඉවත් කිරීමට පුහුණුව ලබා දී ඇත. මෙහි දෙවන අදියරේදී කඳවුර තුලම මුගටියන් බෝ කර, මාස 6ක පමණ කාලයකින් පසුව ඔවුන්ව පුහුණු කිරීමට යොදාගැනිම තුලින් පවතින්නාවූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මග හැරේවී යැයි විශ්වාස කරනු ලබනවා.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ ජෙනරල් ක්‍රිශාන්ත සිල්වා විසින් යුධ හමුදාපති ධූරය මෙහෙයවන කාලයේ වන අතර, එකල ඉංජිනේරු බල සේනාවේ බල සේනාධිපති වශයෙන් සේවය කර ඇත්තේ නුදුරේදී විශ්‍රාම ගිය බ්‍රිගේඩියර් අමිත් සෙනවිරත්න මහතාය. ජෙනරාල් ක්‍රිශාන්ත මහතා විසින් මෙම කාර්යය බ්‍රිගේඩීයර් අමිත් මහතාට භාර දී තිබේ. සුනඛයින් වෙඩි ද්‍රව්‍ය සොයාගැනීම සඳහා යෙදවීමේදී ඔවුනට විවිධ වූ සීමාවන් ඇති නිසා (සුනඛයින්ට සිරස් අතට ඉව ඇල්ලීමට නොහැක) ආදේශකයක් පිළිබඳ පරීක්ෂණ කිරීමේදී මුගටියන්ට එම හැකියාව පවතින බව හෙලි වී ඇත.
ඒ ඔස්සේ මෙම පරීක්ෂන කටයුතු ආරම්භ වී ඇත. ඉව වඩිපුරම තිබෙන සත්ත්වයින් අතර ලෝකයේ තෙවෙනියට සිටින්නේද මුගටියන් වීම මේ සඳහා උපකාර වූ තවත් එක් ප්‍රධාන හේතුවකි. විශේෂත්වය වන්නේ මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය විෂය පිළිබඳ දැනුමක් ඉංජිනේරු බලකායේ කිසිවෙකුට නොතිබූ අතර අත්දැකීම් මගින් මෙම පාඩම් සියල්ලක්ම ඉගැන ගෙන තිබේ. මෙම සොයාගැනීම් සිදු කරන අතරවාරයේ දැනගැනීමට ලැබූ කරණක් වන්නේ, කටුබැද්ද විශ්ව විද්‍යාලයේ හිටපු ක්‍රිශාන්ත නානායක්කාර නැමැති ඉංජිනේරු මහතෙක් සහ සත්ත්ව උද්‍යානයේ වැඩ කෙරූ ප්‍රේමසිරි මහතා සම්බන්ධ වූ පරීක්ෂණ කිහිපයක් 1994 වර්ෂයේ සිදු වී ඇති බවයි. මුගටියා ඉපදීමෙන් මාස 6කට පමන පසු එම මුගටියාට අවුරුද්දක පමන පුහුණුවක් ලබා දීම සඳහා දැනට සැලසුම් කර තිබෙන අතර, පුහුණුවෙන් පසුව ඔවුන්ව වෙඩි බෙහෙත් සොයාගැනීම සඳහා භාවිතා කල හැකි බවයි සඳහන් වන්නේ.