මාවිල්ආරු වසා දැමීම සිදුවන අවස්ථාවේ තමන් සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබාගනිමින් සිටි බවත් පසුව තමන් ලංකාවට පැමිනි පසු කටුනායකදී එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථන අමැතුමක් ලබාගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.
“මම ගෝඨාභයට කතා කරලා මේ ගැන ඇහුවා ඔහු කිව්වා මාවිල් ආරුවහලා කියලා. මම විනාඩි 5න් ගන්නම් කියලා ත්‍රිකුණාමලයේ අණදෙන නිලධාරීට කෝල් එකක් ගත්තා. ඊට පස්සේ මම ගෝඨාභයට ගත්තා. ඔහු කිව්වා විනාඩි දෙකෙන් කෝල් එකක් දෙන්නම් කියලා. ඔහු එවකට ජනපති මහින්ද රාජපක්ෂට කතා කරලා මට කිව්වා වැඩේ කරන්න (මුදවා ගන්න) කියලා.” යැයි සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.