නමුත් වැදි ජන කොටස් ප්‍රකාශ කර සිටින්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මෙරට ජීවත් වූ නිත්තෑවුන් හෙවත් කුරු මිනිසුන් තමන් විසින් මුළුනුපුටා දැමූ බවයි.
නිත්තෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් ගැන නැවත සමාජයේ කතා බහට ලක්වන්නේ කුලියාපිටිය - එලතලව ප්‍රදේශයේ වනචාරී කුරු මිනිසුන් සැරිසරන බවට තොරතුරු වාර්තා වීමෙන් පසුවයි.
අම්පාර - දමන - තොට්ටම ප්‍රදේශයේ හේන් ගොවීන් පිරිසක් පසුගිය දින කිහිපය පුරාම කුරු මිනිසෙකු දුටු බවට වාර්තා වුණා. ඒ පිළිබඳව පර්යේෂණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදුකරනු ලැබුවා. එම පර්යේෂණ කණ්ඩායම කියා සිටියේ සැරිසැරූ බව කියන කුරු මිනිසුන් නිත්තෑවන් බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවයි.