ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ් ඩුබායි රාජ්‍යයට පැන යෑමෙන් පසුව වරින් වර කිහිප අවස්ථාවකදීම මෙරටට ධීවර යාත්‍රාවලින් පැමිණ හොර රහසේම පිටවී ගොස් තිබෙන අතර සහ එලෙස අවස්ථා කිහිපයේදීම මධුෂ් මෙරටට පැමිණ ඇත්තේ මාතර, මිරිස්ස වෙරළ තීරයෙත් බවටයි රහස් පොලිසිය පවසන්නේ.
කෙසේ නමුත් එලෙස මධූෂ් ඩුබායි සිට මෙරටට පැමිණිමට බහුදින ධීවර යාත්‍රා සෑපයූ පුද්ගලයා ගැනද මේ දිනවල සෙවිල්ලෙන් පසුවන බව රහස් පොලිසිය පවසයි.
වැඩිදුර රහස් පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ පළමුවෙන්ම මධුෂ් ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයකුගේ නිවසට පැමිණ විවිධ ප්‍රදේශවලට ගොස් වෙස්වලාගෙන අපරාධ කීපයක් මෙහෙයවා තිබෙන බවත් මදූෂ් මෙරටට පැමිණීමෙන් පසුව නිතර පරිහරණය කර ඇත්තේ ඉහත කී විශේෂිත පුද්ගලයකුගේ මෝටර් රථයකි.