සමරසිංහ ආරච්චිලාගේ ලක්ෂ්මන් නැමැති මධූෂ්ගේ පියා පසුගිය වසරේදී රිය අනතුරක් හේතුවෙන් මිය ගිය අතර ඔහුගේ අවමංගල්‍ය උත්සවයට හෙලිකොප්ටරයක් ආධාරයෙන් ගුවනින් මල් දැමීමේ සිද්ධියද ඒ දිනවල කතාබහට ලක්වුණි. සිය පියාගේ අවසාන කටයුතු මධූෂ් ඩුබායිහි සිට වීඩියෝ තාක්ෂණයෙන් සජීවීව නරඹා ඇති බවද දැනගන්නට ලැබුණි.