එම තනතුර දරන කාලයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම යන චෝදනාව මත සනත් ජයසූරියට වසර දෙකක තහනමක් පනවා තිබෙනවා.
ICC දුෂණ මර්දන ඒකකය විසින් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව අවශ්‍ය කරන ලියවිලි ලබා නොදීම සහ ඒවා සඟවා තැබීම සනත් ජයසූරියට එරෙහිව නගා ඇති චෝදනාවන් වනවා.
එම තහනමට අනුව සනත් ජයසූරියට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව කිසිදු කටයුත්තකට සහභාගී වීමේ අවස්ථාව හිමි නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා.