පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති අතර පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වී තිබෙනවා.
කතානායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට තමන්ට සිදුවන බවයි. එසේම කතානායකවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මාතෘ භූමිය පෙර නොවූ විරූ ආකාරයේ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී ඇති අවස්ථාවක තමා නිහඩව සිටියත් තම හෘදය සාක්ෂියට අනුකූලව කටයුතු කිරීම මේ වන විට ජාතික යුතුකමක් බවයි.