පසුගිය 18 වනදා පස්වරුවේ කෑගල්ල අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ පිංදෙණිය පාලම අසලින් මෝටර් රථයක් ගුරුගොඩ ඔයට වැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.රථය පැදවූ තරුණයාගේ අත රිය අනතුරෙන් බිඳී ගොස් තිබෙන අතර අනතුර සිදු වූ අවස්ථාවේ තම මව්පියන් ගැන සිතූ තරුණයා ඔහුගේ බිඳුණු අතද එල්ලාගෙන මව්පියන්ව රෝහල් ගත කිරීමට උත්සාහ කර තිබෙනවා.
ඔහුගේ මිතුරෙකු අනතුර සිදු වී දින කිහිපයකට පසු ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා..