කෙසේ නමුත් මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර සිටි අතර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ ඔහු 2000 වසරේ සිට මානසික රෝගයකින් පෙළෙන බව අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කළ තොරතුරු සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ලැබුණු සීමිත තොරතුරු පදනම් කරගනිමින් ඔහු පිළිබඳව කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇති බවයි.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම තොරතුරු ශ්‍රී ලංකාවේ අදාළ අංශ වෙත ලබාදුන් බවත්, ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් සිදුකරන විධිමත් පරීක්ෂණ සඳහා සහාය දක්වන බවත්ය.