ටෙළි නාට්‍ය නිිළි තුෂානි
කැළණි ගඟේ දිය නෑමට ගොස්
සැඩ පහරට හසු වී මියයයි
මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි එක් දරු මවක් කැළණි ගඟේ දිය නෑමට ගොස් දියේ ගිලි මියගොස් ඇතැයි ගිනිගත්හේන පොලිසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ තුෂානි ද සිල්වා නැමති ටෙලි නාට්‍යය සහය නිළිය බව අනාවරණය වී තිබේ. පවුලේ සාමාජිකයින් සමග ඇය අවුරුදු නිවාඩුව වෙනුවෙන් කිතුල්ගල ප්‍රදේශයේ විනෝද චාරිකාවකට එක්ව සිටියදී දැඩි ජල පහරකට අසුවී මේ ආකාරයට මියගොස් තිබේ.
පවුලේ සමාජිකයන් හා ප්‍රදේශවාසින් එක්ව සැඩ පහරට හසුවි ගසා ගෙන ගිය කාන්තාව සොයා සිදු කළ මෙහෙයුමකින් පසුව සිරුර මඳක් දුරින් තිබී සොයා ගෙන ඇති අතර සිරුර කිතුල්ගල තැලිගම රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි. දිය නෑමට ගිය මෙම තරුණියට ගඟ මැදට ගොස් ඇති අතර එම ස්ථානයට නොයන ලෙසට පවුලේ සාමාජිකයන් ප්‍රකාශකළ බවයි ඔවුන්ගේ ඥාතියෙකු සඳහන් කර තිබෙනවා.
මෙම අනතුර සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනවා.