හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය මේ මස 15 වනදා දක්වා යලි දීර්ඝ කර තිබෙයි. ඒ මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න හමුවේ අද කැදවූ අවස්ථාවේදීය. ඒ අනුව මෙම පෙත්සම ලබන 15 වනදා විභාගයට ගැනීමටද ඊයේ (6දා) නියම කළා.
එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් කෝටි 3 ක මුදලක් අවභාවිත කළ බවට පොදු දේපළ පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් පරික්ෂණ සිදු කරයි.
හිටපු ආරක්ෂක ලේකම්වරයා එම පරීක්ෂණ ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පසුගිය 28 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබු අතර එය ඊට පසුදින සලකා බැලූණු අතර ඒ අනුව ඊයේ එනම් 6 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි පොදු දේපළ පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.