එමෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතාව සාටකයෙන් එල්ලීම එතරම් ලෙහෙසි නැති බවත් ඔහු සමග මෙරට ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් සිටින බව මතක් කර දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවැසීය. මෙරට උද්ඝෝෂණ මැඩ විනය හැදීමට පත්කිරීමට යන්නේ මෙවැනි පුද්ගලයකු දැයි හෙතෙම රජයෙන් ප්‍රශ්න කළේය.
ඊයේ (3දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී සරත් ෆොන්සේකා ඇමැතිවරයා මැයි දිනය දා කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරු එසේ පැවසූහ