මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි පංකා සහ වායුසමීකරණ යන්ත්‍ර භාවිතය ඉහළ යැමත් සමග රාත්‍රී කාලයේදී පමණක් මෙගා වොට් 2470 ක විදුලි ඉල්ලුමක් පවතින බවත්, දිවා කාලයේදී ඒකක 38 ක්‌ව තිබූ විදුලි ඉල්ලුම ඒකක මිලියන 45 දක්‌වා සියයට 18 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් පවසන විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය මේ අර්බුදකාරී අවස්‌ථාවේදී විදුලිය අරපිරිමැස්‌මෙන් භාවිත කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
මෙයට තාවකාලික විසදුමක් ලෙස අද (02 දා) සිට කර්මාන්ත ශාලාවල තිබෙන විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම අනිවාර්යය වන අතර ඒ සඳහා නිෂ්පාදන ඒකකයක් සඳහා රුපියල් 36 ක සුවිශේෂ දීමනාවක් ලබාදෙන බවත් අමාත්‍යාංශය පවසයි.