පවතින අධික වියළි කාලගුණික තත්වය හේතුවෙන් ජලය ලබාගැනීම සඳහා ප්රදේශවාසියකු විසින් වගා ළිඳ සුද්ධ පවිත්ර කරමින් සිටියදී එහි තිබී මෝටාර් උණ්ඩ හමුවී ඇති බවත් ඒ පිළිබඳ පොලිසිය වෙත සිදුකළ දැනුම් දීමකින් පසු ළිඳ තුළ තිබී මෝටාර් උණ්ඩ 17 සොයාගෙන ඇත.
එම සොයාගත් සියලු උණ්ඩ මිලිමීටර 60 වර්ගයේ ඒවා බවත් දීර්ඝ කාලයක් ළිඳ තුළ තිබීම හේතුවෙන් දිරාපත්ව ගොස් ඇතැයි පොලිසිය කියයි.