අන්තර්ජාතික වූෂු සම්මේලනයේ තාක්‍ෂණික කමිටුව විසින් මෙම තරගාවලිය සඳහා අන්තර්ජාතික තාක්‍ෂණික නිලධාරීන් නම් කරනු ලබන අතර දැනට අන්තර්ජාතික වූෂු සම්මේලනයේ 'විශේෂිත ආරාධිත විනිසුරු මඩුල්ලේ' විනිසුරුවරයකු ලෙස වසර 2002 සිට කටයුතු කරන අන්තර්ජාතික වූෂු විනිසුරුහා තරග තීරක (ඒ ශ්‍රේණිය) මෙන්ම අන්තර්ජාතික වූෂු සම්මේලනයේ අලෙවි හා තාක්‍ෂනික කමිටු සාමාජික ධුරය ද හොබවන මානෙල් ධර්මකීර්ති මහතා අන්තර්ජාතික වූෂු සම්මේලනයේ තාක්‍ෂනික කමිටු සභාපති වෙන් ගුවෝරා මහතාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමක් මත පාසික් මෙම තරගාවලිය සඳහා තෝරා ගනු ලැබීය.
නිට්‌ටඹුව සංඝබෝධි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මොහොමඩ් පාසික් සීµq නිශාන්ත පතිරාජ යටතේ දිගු කලක් වූෂු ක්‍රීඩකයකු ලෙස ද, 2005 වසරේ සිට ජාතික වූෂු විනිසුරුවරයකු ලෙස ද කටයුතු කර ඇති පළපුරුදු හා දක්‍ෂ විනිසුරුවරයෙකි.