ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙන්නේ රටේ කොටස් අයිති කර ගැනීමට හෝ ගිවිසුම් අත්සන් තැබීමට බව ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වැරදි ප්‍රචාර ගෙන යමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා, මෙම සියලු ප්‍රචාර අසත්‍ය ප්‍රචාර බව ද කියා සිටියේය.
අද ශ්‍රී ලංකාවට සෑම රටකම මිත්‍රශීලි සහයෝගය හිමිව තිබෙන අතර ඒ තුළින් ශ්‍රී ලංකාවට සංවර්ධිත රටක් බවට ගොඩනැඟිය හැකි බවත්, එම වැඩපිළිවෙළේදී සියලු ජන කොටස් අතර තිබිය යුතු සාමය, සමගිය සහ විශ්වාසය බිඳ දැමීමට අන්තවාදී පිරිසක් උත්සාහ දරන බවත් ප්‍රකාශ කළේය.