පසුගිය 22 දින පෙරවරුවේ සිට මන්ත්‍රීවරයා ආහාර හා ජලය ලබාගැනීමෙන් වැළකී සිටින බවත් වෛද්‍යවරුන් විසින් පැය 04 කට වරක් ඔහු පරීක්‍ෂා කරන බවත් බන්ධනාගාර මූලස්‌ථාන නිලධාරියෙක් පවසයි.
වෛද්‍යවරුන් විසින් ඔහුගේ තත්ත්වය පරීක්‍ෂා කර රෝහල් ගත කිරීමට නිර්දේශ කළහොත් බලහත්කාරයෙන් හෝ විමල් වීරවංශ මහතාව බන්ධනාගාර රෝහලට රැගෙන යැමට සිදුවන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.